හිජාස් හිස්බුල්ලාට ඇප
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළේය.
මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිජාස් ඉස්බුල්ලා ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හලාවත මහාධිකරණය වෙත නියෝග කළේය.
එම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ නීතිපතිවරයාගේ පාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය අද එම නියෝගය නිකුත් කර තිබේ.
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිඥ හිජාස් ඉස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් මස 14 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

