පක්ෂ නායක රැස්වීමක් අද
පක්ෂ නායක රැස්වීමක් අද (07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ පාර්ලිමේන්තු ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී ඇත.
ඒ අනුව අද පස්වරු 3.00ට පාර්ලිමේන්තුවේ දී පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇත.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිත අතර මේ සඳහා සහභාගි වන ලෙස සියලු පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
මේ අතර පාර්ලිමේන්තුව හෙට (08) දිනයේ සිට දින 4ක් පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

