විදුලිය කපන වේලාවන් හරියටම දන්වන්න – ජනපති
විදුලිය කප්පාදුවක් සිදු කරන්නේ නම් එම කප්පාදුව සිදු කරන වේලාවන් පැහැදිලිවම ජනතාවට දැනුම් දිය යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ නියෝගය අදාල ආයතනයන්ට දැනුම් දී ඇති බවත් ඔවුන් ඒ පිළිබදව වහාම තීන්දු කර දැනුම් දිය යුතු බවත් ජනාධිපතිවරයා පැවසූ බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඊයේ (07) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා තිබේ.
කෙසේ වෙතත් ආන්ඩුවේ උත්සාහය විදුලිය නොකපා ජනතාව ආරක්ෂා කරගෙන ඉදිරියට යාම බව මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
ආන්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීම අවසන්ව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

