දේශීය

කටුනායකට පැය 14ක ජල කප්පාදුවක්

ඒකල සහ කටුනායක ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (09) පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

අද පස්වරු 4.00 සිට හෙට (10) පෙරවරු 6.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව ඒකල, කොටුගොඩ, උදම්මිට, රජ මාවතේ තුඩැල්ල සිට 20 සැතපුම් කණුව දක්වා, වහටියාගම, දැලතුර, කටුනායක, සීදුව, උඩුගම්පොල සහ මිනුවන්ගොඩ කොටසකට, කටුනායක ගුවන් හමුදා කඳවුර, කටුනායක නිදහස් වෙළඳ කලාපය සහ කටාන දකුණ ප්‍රදේශයට ජල සැපයුම අත්හිටවනු ඇත.

ජා ඇල මාර්ගයේ ජල නළ පද්ධතිය වැඩි දියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *