හිටපු ජනපති මෛත්‍රී දකුණු කොරියාවට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) අලුයම දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ සෝල් නුවරදී හෙට (11) ආරම්භ වන 2022 ලෝක සාම සමුළුවට සහභාගීවීම සඳහායි.
රටවල් 157ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සමුළුවේ සාමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වන්නේ ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයකු වු බෑන් කී මූන් මහතාගේ හා කාම්බෝජ අග්‍රාමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම සමුළුවට සහභාගි වනු ඇත.
එම සමුළුව හෙට සිට දින 3ක් පැවැත්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

