උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
වටවල දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පිලී පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
එලෙස පිලී පැනීමට ලක්ව ඇත්තේ මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්රවාහන දුම්රියකි.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ඉන්ධන ගැලුම් 5,800ක් ප්රවාහනය කරමින් තිබූ ටැංකි සහිත මැදිරි දෙකක් සහ භාණ්ඩ ප්රවාහන මැදිරියක් මෙලෙස පීලී පැන ඇති බවයි.
මාර්ගය යළි යථාතත්ත්වයට පත් කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කරන දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වාත් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් වටවල දුම්රිය ස්ථානය ආසන්නයටත් ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

