පොලු පූජාවට නායකත්වය දෙන්න සූදානම් – තිස්සකුට්ටි
බිත්තර පූජාව, ගල් පූජාව වෙනුවට දැන් පොලු පූජාව සදහා ජනතාව පෙළ ගැසිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පවසනවා.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ දෙකයි දෙකේ පොලු පූජාවක් සඳහා තමන් නායකත්වය දෙන්න සූදානම් බවයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජනය සිදුකරන්නේ ඩොලර් කුට්ටිවලට බවත්, අහිංසක ජනතාවගෙන් මෙලෙස පලිගැනීමට තමන් විරුද්ධ බවත් පවසන මන්ත්‍රීවරයා මෙම සියලු බලවේගයන්ට එරෙහිව තමන් ඇතුළු පසුපෙල මන්ත්‍රීවරු ඉදිරියට විත් ක්‍රියා කරන බව පවසනවා.
මේ අතර තිස්ස මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයට එරෙහිව විවිධ පාර්ශවයන් අදහස් ඵල කළා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ තිස්සකුට්ටි වැනි මන්ත්‍රීවරුන්ට මෙවැනි මත ඵල කිරීමට අවස්ථාව ලබාදීම තුළින් වත්මන් රජය සහ ජනාධිපතිවරයා රටටත් ජනතාවටත් සිදුකරමින් සිටින්නේ අපරාධයක් බවයි විවිධ පාර්ශවයන් චෝදනා කරන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

