දේශීය

එගොඩ උයනේ දී STF වෙඩි පහරින් අබ්බා මරුට

මොරටුව, එගොඩ උයන ඉසුරුසිරි මාවත ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (10) රාත්‍රියේ කළ වෙඩි තැබීමකින් ‘අබ්බා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මියගොස් තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ඊයේ රාත්‍රී 10.00ට පමණ එගොඩ උයන ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත වැටලීමක් කළ බවයි.

එම අවස්ථාවේ නිවසේ සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින්ට වෙඩි තබා තිබේ.

ඊට ප්‍රතිචාර ලෙස පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් කළ වෙඩි තැබීමකින් ඩුබායිහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහයකයෙකු වන අබ්බා නමැති 27 හැවිරිදි පුද්ගලයා මියගොස් තිබේ.

ජීවිතක්ෂයට පත් පුද්ගලයාට එරෙහිව මිනීමැරුම් නඩුවක් සහ කාන්තාවක තියුණු ආයුධයකින් කපා බරපතළ තුවාල සිදු කිරීමක් සම්බන්ධ නඩුවක් ද විභාග පවතින බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි හුවමාරුවේ දී පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයෙකු ද තුවාල ලබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ නිවසේ සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *