දේශීය

මාධ්‍යවේදී චමුදිතගේ නිවසට ප්‍රහාරයක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට මේ වනවිට පොලිස් කණ්ඩායම් කීපයක් විසින් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

පිළියන්දල පොලිස් වසමේ පිහිටි මෙම නිවසට අද අළුයම යම් නාඳුනන පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් සමඟ යම් අපද්‍රව්‍යයක් එල්ල කර ඇතැයි දැනට අනාවරණය වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධව තොරතුරු ලැබුණු අවස්ථාවේ සිට විමර්ශන ආරම්භ කළ බවත් පොලිස්පතිවරයාගේ සෘජු උපදෙස් අනුව පොලිස් කණ්ඩායම් කීපයක් ක්‍රියාත්මක බවත් නොකඩවා විමර්ශන කටයුතු සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *