ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කෙරේ
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර සිඩ්නි නුවරදී පැවැති දෙවැනි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යොමු නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ මුදලක් නියම කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි තරග ගාස්තුවෙන් 20%ක මුදලක් දඩ ලෙස නියමකර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
මේ අතර ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංකට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අවවාද කර ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඒ තරගය අතරතුර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රීති උල්ලංඝනය වන ලෙස වචන භාවිත කිරීමේ වරද හේතුවෙනි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

