දේශීය

ෂෙහාන් මාලකට ඇප නියම වෙයි

සිවිල් ක්‍රියාකාරි ෂෙහාන් මාලක ඇප මත මුදා හරින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින සැකකරුව අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

රුපියල් 15,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත අදාළ සැකකරු මුදාහැර තිබේ.

කෙසේ වෙතත් අදාළ නඩුව මාර්තු 29වන දා නැවත කැඳවීමට නියමිත බවද දන්වා තිබේ.

පසුගිය දා මාධ්‍ය හමුවකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (14) පානදුර ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *