සා.පෙළ විභාගයේ අයදුම්පත් භාරදීම හෙටින් අවසන්
2021 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සදහා ලබාදී තිබු කාලය හෙට (17) අවසන් වීමට නියමිතව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා දන්වා තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාළ විභාගය සඳහා මෙතෙක් අයදුම්කර නොමැති සිසුන්ට අද (16) දිනයේ අයදුම් කිරිමේ හැකියාව පවතින බවයි.
2021 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය පසුගිය 10 වනදා අවසන් වීමට නියමිතව තිබූන ද, ඒ සඳහා ලබාදෙන කාලය තවත් සතියකින් දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

