විදේශීය

සංගීතවේදී බප්පි ලහිරි අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියානු සංගීත නිර්මාණ ශිල්පී බාප්පි ලහිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

69 වන වියේ පසු වු ඔහු මුම්බායි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) රාත්‍රීයේ මෙලෙස මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

70, 80 දශකයේ ඉන්දිය සිනමා සංගීතය තුළ පෙරළියක් ඇති කිරීමට බප්පි ලහිරි සිය දායකත්වය ලබා දුන්නේය.

ඔහු විිසින් සංගීතය සැපයූ චිත්‍රපට අතරින් 1982 දී සංගීත අධ්‍යක්ෂණය කළ ඩිස්කෝ ඩාන්සර් චිත්‍රපටය වාර්තා පිට වාර්තා තබමින් තිරගත විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *