පුෂ්පිකා පිළියන්දල පොලීසියට
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අද (23) ශ්‍රී ලංකා හිටපු විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිළියන්දල පොලීසියට කැදවා තිබුනා.
ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස පුෂ්පිකා ද සිල්වා මහත්මිය පොලීසියට කැදවා තිබුනේ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ දිගුවක් ලෙසයි.
අදාල ප්‍රහාරය එල්ල වීමට පෙර චමුදිත සමරවික්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක සාකච්චාවක් සදහා පුෂ්පිකා ද සිල්වා මහත්මිය එක්ව තිබුනා.
එම සාකච්ඡාවේදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය ආන්දෝලනාත්මක කරුණු රැසක් ඉදිරිපත් කර තිබුනා.
කෙසේවෙතත් මේ දක්වා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු හෝ අත්අඩංගුවට ගෙන නැහැ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

