Latestදේශීය

ඩොලර් අර්බුධය පියවා ගන්න නව උපායක්

වත්මන් ඩොලර් හිඟයක මඟ හරවා ගැනීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයෙකුගෙන් මාසිකව ඩොලර් 100 මුදලක් මෙරටට ගෙන්වාගැනීමට නව වැඩපිළිවෙලක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් ඵල කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපි යෝජනාවක් කරලා තියෙනවා. ඒ යෝජනාව සලකා බලමින් යනවා. ඩුබායිවල ඉන්නවා ලක්ෂ 03ක් ශ්‍රී ලාංකිකයින්. අනෙක් රටවලත් ඉන්නවා මේ වගේ විශාල පිරිසක්. ඔවුන් මැදපෙරදිග ඇතුළු රටවලට ගිහින් තියෙන්නේ තමන්ට කියලා ඉඩමක් ගන්න, ගෙයක් හදාගන්න. දරුවන්ට උගන්වන්න. ව්‍යාපාරයක් පටන් ගන්න. අපි ඒ අයට කියනවා ඔබ රටවිරුවෙක් හැටියට රට පත්වෙලා තියෙන තත්ත්වය තුළ හැම මාසයකම ඩොලර් 100ක් ස්ථීර තැන්පතුවකට එවන්න. එතකොට ඩොලර් 1,200ක් හම්බ වෙනවා වර්ෂයක් තුළ. වර්ෂය තුළ දී හම්බවෙන මුදල මෙන් 10 ගුණයක් රුපියල්වලින් ලක්ෂ 25ක ණයක් දෙනවා. ඔවුන්ට අවුරුදු 10කින් ගෙවන්න. ලක්ෂ 25 ණය දෙන්නේ සාමාන්‍ය පොළියට නෙමෙයි. 6%ක් වගේ විශාල අඩු පොළියකට. අඩු පොළියකට දුන්නොත් ලක්ෂ 25කට අවුරුදු 10ක් ණය දුන්නොත් රුපියල් ලක්ෂ 15ක් තමා පොළිය ලැබෙන්නේ. මේ පොළිය මාස 120න් බෙදුවොත් වාරිකයක හැටියට ගෙවන්න වෙන්නේ රුපියල් 33,333යි. එයා හිතනවා උන්ඩියල් ක්‍රමයට රුපියල් 20ක් තාවකාලිකව ගන්නවා ට වඩා මම ස්ථාවර දේට අරන් ගෙයක් හදාගන්නවා ඉඩමක් ගන්නවා කියලා. ව්‍යාපාරයක් පටන් ගන්න මේ මුදල රටට එවන්න පුළුවන් කියලා. ඒක උපායක්.”


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *