Latestදේශීය

පුළුල් සන්ධානයක් හදනවා – ජාත්‍යන්තරයේ සහය ගන්නවා

නින්දා අපහාස තමන්ට හොටදට පුරුදු බවත් වසර 53ක දේශපාලන ඉතිහාසයක් ඇති තමන්ට කොච්චර ගැහුවත් තමන් වැට්ටීමට නොහැකි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. තමන් දරුවෝ ව‌ගේ හදපු අය අද මාධ්‍ය වලට ගිහිල්ලා තමන්ට අපහාස කරන බව පවසන නමුත් ජනතාවට ඇති ප්‍රශ්ණ නිසා ආන්ඩුව විවේචනය කිරීම කිසිසේත්ම අත්නොහරින බවත් පවසනවා.

පොළොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුව අමතමින් ඒ මහතා මේ අදහස් ඵල කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා,

සමහර අය මට දොස් කියනවා ආණ්ඩුව විවේචනය කරනවා කියලා ජනතාවට තියෙන ප්‍රශ්න මම ඕන තැනක කතා කරනවා. ගොවි ජනතාව අද ඉන්නේ විශාල පීඩනයකින් පොළොන්නරුව කියන්නේ වී ගොවියන්ගේ ක්ෂේම භූමිය. අද එකම ශෝකාලාපයක් බවට පොළොන්නරුව පත්වෙලා. පොළොන්නරුවේ ගොවියන් ගෙන් පොළොන්නරුවෙන් පත්වෙච්ච ඇමතිවරු දෙන්නෙකුයි මන්ත්‍රීවරයෙකු ඉන්නවා.  හැමදේටම යස් සර් නෝ සර් කියන්න විතරයි ඉන්නේ.  ගොවියන් ගේ ප්‍රශ්නේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ.  එහෙම කතා කරන්න ඒත් මම විතරයි. මට කොච්චර ගැහුවත් පොළොන්නරුව ජනතාවගේ හයිය තියෙනකං කොන්ද කෙලින් තියන් මම කතා කරනවා. මේ රට දරුණු තැනකට වැටිලා. හැම තැනම ප්‍රශ්න. මිනිස්සුන්ට කන්න නෑ. හැම ක්ෂේත්‍රයකම ගැටලු මතුවෙලා. කොහෙන් ඉවර වෙයිද දන්නෑ. රුසියාවේ යුද්දෙත් එක්ක තෙල් මිල දෙගුණයක් වෙන්න පුළුවන්. අපි ලොකු අමාරුවක වැටෙනවා.

ආණ්ඩුව මූලිකත්වය ගත යුතුයි සර්ව පාක්ෂික සමුළුවක් පවත්වන්න. අපි කැමතියි ආණ්ඩුවට උදව් කරන්න. හැමෝම එකතු වෙලා රට ගොඩනගන්න ඕන හැබැයි ආණ්ඩුව මූලිකත්වය ගන්න ඕනෙ. මගේ පාලන කාලෙත් සර්වපාක්ෂික කමිටුවක් හැදුවා ප්‍රශ්න තියෙන කොට. එහෙමයි රට පාලනය කරන්නේ. රටේ තියෙන ඇත්ත තත්ත්වය ජනතාවට තේරුම් කරලා දීලා හැමෝම එකතු වෙලා මේ රට හදන්න ඕනේ. බොරු කරලා සිද්ධවෙන්නේ රට තවත් ප්‍රපාත ට යන එක විතරයි.

අද පොළොන්නරුවේ සංවර්ධනය නවත්තලා. වකුගඩු රෝහල සුදු අලියෙක් වෙන්න වැඩ කරන්න කට්ටිය කතා කරලා, කච්චේරියක් පරිපාලන ගොඩනැගිල්ලක් එකම තැන, ත්‍රෛභාෂා පාසල ඉබි ගමනින් යන්නේ. මේ ඔක්කොම මම ආණ්ඩුව විවේචනය කරන නිසා පොළොන්නරුවේ වැඩ නවත්තලා. කාගෙන්ද පලි ගන්න හදන්නේ? මේ සියලු දේම ජාතික දේපල. මේවා වලින් ප්‍රතිලාභ ලැබෙන්නේ ජනතාවට. වකුගඩු රෝහලට අධ්‍යක්ෂක වරයෙක් පත් කරන්නෙත් නෑ. කාවද මේ තලා පෙලා දමන්නේ මම නෙවෙයි මේ රටේ අසරණ ජනතාව.

අපි සියළු පක්ෂ සමඟ සාකච්ඡා කර පොදු එකගතාවයකට ඇවිල්ලා පුළුල් සන්ධානයක් හදනවා. ඒ සන්ධානය හරහා මෙරට ආණ්ඩු බලය අතට ගන්නවා. පොදු වැඩපිළිවෙළක් යටතේ මේ රට ගොඩනඟනවා ට තිබෙන ජාත්‍යන්තර සහයෝගය මේ රට වෙනුවෙන් නැවතත් ලබාගන්නවා. අපිට මේ රට ගොඩනගන්න පුළුවන් පොදු වැඩපිළිවෙළක් යටතේ. ජනතාව කියනවා දැන් ගොඩක් අමාරුයි කවුරු මොනවා කිව්වත් මම බාර දුන්න රට අද නෑ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *