දේශීය

 උදය ගම්මන්පිලට බලශක්ති අර්බුදය විවාදයේදී කතා කරන්න අවස්ථාවක් දී නැහැ..

බලශක්ති අර්බුදය පිළිබඳ විවාදයේදී තමාට පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාව අහිමි වූ බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

එඑම ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත්දුරටත් දැක්වෙන්නේ, තමන්ට කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් සිදු කළ ද ඒ සඳහා අවසර දිය නොහැකි බව ආණ්ඩු පක්ෂයේ සංවිධායක කාර්යාලය තමන්ට දැන්වූ බවයි.

කෙසේ වෙතත්, පසුව ගම්මන්පිල මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමතා මේ පිළිබඳ දැනුම් දී තිබුනත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබි නැහැ.

ඉල්ලීම  පිළිබඳව සලකා බලන බව ඔහු ප්‍රකාශ කර ඇතත්, ලැයිස්තුව පිරී ඇති බැවින් හිටපු අමාත්‍යවරයාට කතා කිරීමට අවසර ලබා දිය නොහැකි බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුව දන්වා තිබෙනවා. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *