දේශීය

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (13) දිනය තුළ ලබා දීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට අදාළ කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් සිටින බව විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් තුන් ලක්ෂ හතලිස් දහස් පන්සිය අට දෙනෙකු පෙනී සිටිය හ.

මේ අතර මෙවර අපොස උසස් පෙළ විභාගයේ දෙවනි අදියරේ ඇගයීම් කටයුතු එළඹෙන සිකුරාදා (31)  සිට ආරම්භ කරන බව  විභාග කොමසාරිස් ජනරාල්, එල් .එම් .ජේ. ධර්මසේන මහතා සඳහන් කර තිබේ.

ගුරුවරුන් 10,000 කට ආසන්න පිරිසක් විභාග ඇගයීම් කටයුතු සඳහා මෙවර සහභාගි වීමට නියමිත වේ.

මාස 3 ක් ඇතුළත අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන බවද විභාග කොමසාරිස්  ජනරාල් එල්.එම්.ජේ ධර්මසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *