Latestදේශීය

 කැළණිතිස්ස බලාගාරයට තවත් මෙගාවොට් 105ක්

ජාතික විදුලිබල පද්ධතියට දායක වියහැකි බලාගාර කිසිවක් මෑත භාගයේ ස්ථාපිත නොවීම හේතුවෙන් මේ වනවිට බලපා ඇති විදුලි අර්බුධය මගහරවා ගැනීමට කඩිනමින් පියවර ලෙස කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105ක තාප බලාගාරයක් ඉදිකිරීමට කටයුතු කරන බව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය. ඒ් කොළඹ ආශ්‍රිත විදුලි බලාගාර නිරීක්ෂණ චාරිකාවකට අද (14) එක්වෙමින්.

මෙම නිරීක්ෂණ චාරිකාවේ දී කැළණිතිස්ස, සුජිට්සු, ඒශියා පවර්, සපුගස්කන්ද සහ කොළඹ වරායේ ස්ථාපිතකොට ඇති බාජ් විදුලි බලාගාරවල සහ බත්තරමුල්ල පිහිටි පද්ධති පාලන ඒකකයේ වර්තමාන තත්ත්වය විෂයභාර අමාත්‍යවරිය විසින් නිරීක්ෂණය කල අතර එම බලාගාරයන්ගේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් බලපා ඇති ගැටලු මෙන්ම කාර්ය මණ්ඩල මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී අමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමුවිය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විෂයභාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,

”රජයක් වශයෙන් අපේ ප්‍රධානතම වගකීම තමයි, විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම ලාභදායි විදුලි පහසුකමක් සැපයීම. නමුත් එන්න එන්නම විදුලිබල ඉල්ලුම වැඩිවෙමින් පවතිනවා. මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න අපි කඩිනමින් ක්‍රියාත්මක වියයුතුයි. 2015 වසරේ මම විදුලිබල අමාත්‍ය ධූරයෙන් ඉවත්වන විට විදුලිබල මණ්ඩලය බිලියන 15ක ලාභ ලබන ආයතනයක් බවට පත්කරලා, සමස්ත දිවයින ආවරණය වන පරිද්දෙන් 98% කට විදුලිබලය ලබාදීල, විදුලි බිලත් 25% කින් අඩු කරලයි තිබුණේ. නමුත් අද වනවිට මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. විදුලිබල මණ්ඩලය විශාල ණය බරක් සහිත ආයතනක් බවට පත්වෙලා. පසුගිය වකවානුව තුළ එකම බලාගාරයක්වත් නොහදපු නිසා, විදුලි උත්පාදනය වෙනුවෙන් අධික ඉන්ධන ප්‍රමාණයක් වැය කරන්න සිදුවෙලා. මෙම තත්ත්වයෙන් හැකිතාක් ඉක්මණින් රට ගොඩගත යුතුයි. අවම වශයෙන් මේ වසරේ මෙගාවොට් 1000ක් වත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට කඩිනමින් පියවර ගත යුතුයි.”


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *