Latestදේශීය

මේක රටේ අර්බුධයක් මිසක් පොහොට්ටුවේ අර්බුධයක් නෙමෙයි – සංජීව එදිරිමාන්න

අද වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ආර්ථික අර්බුද දෙකක් ඇති බවත් ඒවා නම් රාජ්‍ය ආදායම් හා රාජ්‍ය වියදම් අතර ඇති පරතරයත් විදේශ සංචිතවල ඇති ගැටලුව බවත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් ඵල කළා.

සමස්ත ආර්ථික අර්බුදය වර්තමාන ආණ්ඩුවේ දේශපාලන තීන්දුවකින් නිර්මාණය වුණු දෙයක් බවට එල්ල වන චෝදනා ඉතාම අදේශපාලනික ඒවා බව පැවසූ එදිරිමාන්න මහතා පවතින රජය තම රජය බව සත්‍ය නමුත් මෙම අර්බුදයට හේතුව වර්තමාන රජය බවට සඳහන් වන දේශපාලන අදහස වැරදි බවත් පැවසුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *