Latestදේශීය

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් බෙදාහැරීම නතර කරයි

බෙදාහැරීම සඳහා තොග නොලැබීයාම හේතුවෙන් ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමගම් සිය බෙදාහැරීම තාවකාලිකව නතරකර තිබෙනවා.

දිවයින ආසන්න මුහුදේ ගෑස් අඩංගු  නැව් දෙකක් දින 10කට ආසන්න කාලයක් නැංගුරම්ලා තිබුනද අදාළ ගෙවීම් සිදුකර නොමැති බැවින් තව දුරටත් ගෑස්තොග ගොඩබෑමට නොහැකිවී ඇති අතර ශ්‍රී ලංකා රජය ඒ සඳහා ප්‍රමාද ගාස්තු ද  ගෙවිය යුතු බවයි දැනගන්නට ලැබෙන්නේ.

රට පුරා පවතින මෙම ගෑස් අර්බුදය  නිසා සාමාන්‍ය ජනතාව මෙන්ම ව්‍යාපාරිකයින් ද   දැඩි අපහසුතාවකට පත්ව ඇත.

දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් අලෙවි මධ්‍යස්ථාන මෙන්ම අලෙවි සැල් ඉදිරිපිට ද  ජනතාව රැඳි සිටියේ ගෑස් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *