තෙල් ටැංකි හිමියන් ප්‍රවාහනයෙන් ඉවත්වෙයි
ලංකා ඛණිජ තෙල් ටැංකි පෞද්ගලික රථ හිමියන්ගේ සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට තෙල් ප්‍රවාහන කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර තිබෙන බව එහි සම ලේකම් ඩී.වී.එස් සිල්වා මහතා පැවසුවා.
සිය ප්‍රවාහන ගාස්තුව අවම වශයෙන් සියයට 60කින් වැඩි කළයුතු බවයි පෞද්ගලික රථ හිමියන්ගේ සංගමය කියා සිටින්නේ.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ප්‍රවාහන ගාස්තු සියයට 17කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

