පකිස්ථානයේ දේශපාලන උණුසුම ක්‍රිකට් වලටත් බලපාන ලකුණු
පකිස්ථාන අගනගරයේ දිනෙන් දින උණුසුම්වන දේශපාලන වාතාවරණය ඉදිරියේ ඕස්ට්‍රේලියාව හා පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් අතර සීමිත පන්දුවාර තරගාවලිය රාවල්පින්ඩි නුවරින් ඉවත්කොට ඒ වෙනුවට ලාහෝරය වෙත ගෙනයාමට එරට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.
පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝශාභියෝගය හේතුවෙන් ඉදිරි සති වලදී රාවල්පින්ඩි සහ ඉස්ලාමාබාද් නුවර පාලක පක්ෂය සහ විපක්ෂය විසින් පවත්වන උද්ඝෝෂණ සහ රැලි වල කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇති.
ඉම්රාන් ඛාන්ගේ පාලක පක්ෂය විසින් අගමැතිවරයාට සහය පලකිරීම සඳහා මිලියනයකට අධික පිරිසක් මාර්තු 27 වනදින ඉස්ලාමාබද් හී පිහිටි චතුරඝ්‍රයකට කැඳවන බව සඳහන්. එම ස්ථනය ක්‍රිකට් කණ්ඩායම් රැඳී සිටින හෝටලයට නුදුරින් පිහිටාතිබීමත්, විපක්ෂය විසින්ද මාර්තු 23දා ඉස්ලාමාබාද් නුවර දෙසට දිගු පා ගමනක් ආරම්භ කරනලෙසට නිවේදනය කර තිබීමත් ක්‍රිකට් බලධාරීන්හට මෙම තීරණය ගැනීමට බලපාන බව පැවසෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

