බාබර් පකිස්ථානය බේරාගනියි
සුපිරි ඉනිමක් දියත් කරමින් ලකුණු 196ක් රැස්කල පකිස්තානු නායක බාබර් අසාම් සහ නොදැවි ලකුණු 104ක් රැස්කල මොහොමඩ් රිස්වාන් තම කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට සමත් විය.
පකිස්තානයේ කරච්චි නුවර අසීරු තණතිල්ලක ලකුණු 506ක දුෂ්කර ඉලක්කයක් හඹාගිය පකිස්තානු කණ්ඩායම පන්දුවාර 172ක් තුළ කඩුලු 7ක් දැවී ලකුණු 443ක් රැස්කිරීමත් සමග තරගාවලිය ද ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය.
ලෝක ඉතිහාසයේ කණ්ඩායම් නායකයෙකු හතරවන ඉනිමක දී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ බාබර් අසාම් ගේ මෙම ලකුණු 196යි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

