විදුලි බිල සහ ජල ගාස්තු ඉහළට
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි බිල වැඩි කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
විශාල වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම, නිෂ්පාදන පිරිවැය වැඩිවීම, විදුලිය ඒකකයට ලබන පාඩුව ඉහළයාම සහ අවුරුදු නවයකින් විදුලි බිල වැඩි නොකිරීම යන කරුණු සැලකිල්ලට ගනිමින් විදුලි බිල ඉහල දැමීමට සිදුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටී.
දැනට විදුලි බල මණ්ඩලය වසරකට රුපියල් කෝටි 25,000ක පාඩුවක් ලබන බවත් පවතින තත්වය හමුවේ විදුලි බිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ලංකා විදුලිබල මණ්ඩලය අවධාරනය කරණු ලබන්නේ.
මේ අතර විදුලි බිල වැඩි කළහොත් අනිවාර්යෙන්ම ජල බිල ඉහළ දැමීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
ජලය පොම්ප කිරීම සඳහා විදුලිය විශාල වශයෙන් භාවිතා වන නිසා ඊට සමගාමීව ජල ගාස්තු ඉහළ නැංවීමට සිදුවන බවද ජල සම්පාදන මණ්ඩලය කියා සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

