Latestක්‍රීඩාවිදේශීය

අපරාජිත නඩාල් වසරේ පිට පිට ලැබූ 18වන ජය වාර්තාකරයි

නිතර පැනනගින පාදයේ අබාදයක් තිබියදීත් මේවසර තුල පිට පිටම ලබාගත් 18 වන ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට ස්පාඤ්ඤ  ජතික ටෙනිස් ක්‍රීඩක රෆායෙල් නඩාල් සමත්වුණා. ඒ ඉන්දියන් වෙල්ස් තරගාවලියේදී රැලී ඔපෙල්කා තරගවට 2-0ක් ලෙස පරාජය කරමින්.

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 21ක් ජයගෙන ඇති නඩාල් තම නවතම ජයග්‍රහණයෙන් පසු පැවසුවේ මින් මාස තුනකට ප්‍රථම මෙවන් දස්කමක් දැක්වීමට හැකිවනු ඇතිබවට තමන් හට උපකල්පනය කිරීමටවත් හැකි තත්වයක් නොතිබූබවයි. ඒ තම පාදයේ ආබාධය හේතුවෙන්.

පසුගිය වසරේ දෙවන භාගයේදී පාදයේ අබාධය හේතුවෙන් නඩාල් හට සහභාගී වීමට ලැබුනේ එක් තරගාවලියකට පමණයි.

නමුත් මේ වසරේ දී ඕස්ට්‍රේලියානු විවෘත  ශූරතාවය ජයග්‍රහණය කිරීමත් සමග මේවනවිට ඔහු පිටපිට ශූරතාවලි තුනක් ජයගෙන ඇති අතර අපරාජිතව සිටීමටද සමත්වී තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *