ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දියාවේ සහය දිගටම
ඉන්දියාවේ නිල සංචාරයක නිරතවී සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඉන්දීය විදේශ අමාත්‍ය ළුස්. ජයශංකර් මහතා හමුවී ඊයේ (16) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ළුස්. ජයශංකර් මහතා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් කියාසිටියේ ඵම සාකච්ඡාවේදී දෙරටේ ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
මෙරට ජනතාවගේ අවශ්‍යතා සඳහා ඉන්දියාව අඛණ්ඩව සහය දක්වන බවද ඒ මහතා එම ටිවිටර් පණිවිඩයේ සඳහන් කර තිබෙනවා
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (16) දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ ඉන්දීය විදේශ ලේකම් හර්ශ වර්ධන් ශිංග්ලා මහතා ද හමුවී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කලේ දෙරට අතර ද්විපාර්ශවික සබඳතාවලට අදාල කරුණු රැසක් පිළිබඳව මෙම සාකච්ඡා වලදී අවධානය යොමු කල බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

