Latestදේශීය

ගෑස් නැව් සඳහා  මුදල් ගෙවීමට කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

ගෑස් අඩංගු නැව් දෙකක් දින 10 කට ආසන්න කාලයක්  දිවයින ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබුණද අදාල ගෙවීම් සහ ප්‍රමාද ගාස්තුද නොගෙවීම හේතුවෙන්  එම ගෑස් ගොඩබෑමට නොහැකිවුණා.

ලාෆ් හා ලිට්ට්‍රෝ ගෑස් සමාගම් ඊයේ (16) ප්‍රකාශ කළේ මේ හේතුවෙන් ගෑස් නිකුත් කිරීම අත්හිටවීමට සිදුවූ  බවයි.

නමුත් මේ වනවිට අදාල  මුදල් ගෙවීම සිදුකර ඇති බැවින් අද සිට ගෑස් ගොඩ බෑමේ කටයුතු සහ බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

පවතින තත්වය හමුවේ දිවයින පුරා දැඩි ගෑස් හිඟයක් මතුව තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *