Latestදේශීය

ද්විත්ව රටවැසියෙක් ජනාධිපති වෙන්න හදනවා – විමල් වීරවංශ

බැසිල් රාජපක්ෂ නමැති ද්විත්ව රටවැසියෙක් අතට විධායක ජනාධිපතිධූරය පත්වීමේ අවධානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. 

ජනාධිපතිවරයා අසාර්ථක කරවීම හරහා පැත්තකට වී සිටින අගමැතිවරයා හරහා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් තුනෙන් දෙකේ බලයෙන් ජනාධිපතිවරණයකට මුහුණ නොදී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි වීරවංශ මහතා වැඩිදුරටත් පවසන්නේ.

හිරු නාලිකාව සමඟ පැවැති වැඩසටහනකදී විමල් වීරවංශ මහතා මෙම අදහස් ඵල කළා.

ගාමිණී දිසානායක මහතා සමග සිටි කාලයේ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයෙන් චන්දය ඉල්ලූ බැසිල් රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණය පරාජය වූ විට පැදුරටවත් නොකියා පලා ගිය බව පවසන මන්ත්‍රීවරයා එවන් පුද්ගලයෙක්ට මොළ හතක් තිබෙනවා කීම වගේම කාවන්තිස්ස රජතුමා වගේ යැයි පැවසීම හාස්‍යයට කරුණක් බව පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *