Latestදේශීය

නාමල්ට අසීමිත බලයක් – විමල් වීරවංශ  

ආණ්ඩුවේ ජේෂ්ඨ ඇමතිවරුන් සියලු දෙනාම අධීක්ෂණය කිරීමේ වගකීම තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පවරා දී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

2015ට පෙර මහින්ද රාජපක්ෂ රජයට එල්ල වූ පවුල් පාලන චෝදනාවම මෙම රජය යටතේ ඊට වඩා වැඩි ගුණයකින් එල්ල වන බවද ඔහු පවසනවා.

2015 පැවති මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු රාජපක්‍ෂ පවුලෙන් සිටියද අද කැබිනට්ටුව නියෝජනය කරන රාජපක්ෂවරුන් පස් දෙනෙකු සිටින බවත් කැබිනට් සංශෝධනයක් වෙන බොහෝ අවස්ථාවල නාමල් රාජපක්ෂ මහතාට කුමක් හෝ අමාත්‍යධුරයක් හෝ විෂයපථයක් හෝ ලබාදෙන බවත් පවසනවා.  

හිරු රූපවාහිනියේ සලකුන වැඩසටහන සමඟ එක්වෙමින් ඒ මහතා මෙම අදහස් ඉදිරිපත් කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *