Latestදේශීය

කඩදාසි හිඟය හේතුවෙන් විභාග කල්යයි

කඩදාසි හා අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමේ  ගැටලුකාරී තත්වයක් මතුව තිබෙනවා.

මේ හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල්වල අවසන් වාර විභාගය පැවැත්වීමට බාධා මතුව තිබෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්වරුන් වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.

මේ නිසා 6, 7, 8, ශ්‍රේණි සඳහා වර්ෂ අවසාන ඇගයීම් පවත්වන දිනයන් සංශෝධනය කිරීමට උපදෙස් ලබා දී තිබෙන අතර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ  ප්‍රශ්න පත්‍ර අනුව වාර විභාගය පැවැත්විය හැකි සෑම පාසලක්ම එම කාල සටහනට  අනුව විභාගය පැවැත්වීමට කටයුතු කල හැකි බවද එසේ පැවැත්වීමට අපහසු පාසල් සඳහා ප්‍රශ්න පත්‍ර සහ කාලසටහන් පාසල් මට්ටමින් සකස් කරගෙන විභාගය පැවැත්වීමට කටයුතු කරන ලෙසටද මෙම ලිපිය මගීන් දනුම් දී තිබෙනවා.

තවද 4, 9, 10 හා 11 ශ්‍රේණි වර්ෂ අවසාන ඇගයීම් අප්‍රේල් නිවාඩුවෙන් පසු පැවැත්වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *