වෙරළ වොලිබෝල් අපරාජිත කන්ඩායම ශ්‍රී ලංකාවයි
මේ වසරේ එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ වෙරල වොලිබෝල් ක්‍රීඩා සඳහා ආසියානු කලාප සුදුස්සන් තේරීමේ තරගාවලිය අද (18) දින මීගමුව වෙරළ උද්‍යානයේදී ආරම්භ වුනා.
එහිදී සත්කාරක ශ්‍රී ලංකා පිල තමන් සහභාගිවූ කාන්තා සහ පිරිමි තරග සියල්ලම ජයගැනීමට සමත්වුනා.
පිරිමි තරග වලදී මලින්ත යාපා සහ අශේන් රශ්මික මලදිවයින් කන්ඩායම 21-18 හා 21-15 ලෙසද, මලයාසියානු කන්ඩායම 21-16 හ 21-15 ලෙසද පරාජය කිරීමට සමත්වූ අතර, කාන්තා කන්ඩයම ඉතා තියුණු තරගයකින් පසු මලයාසියානු කන්ඩායම 21-15, 20-22, 15-10ක් ලෙස පරාජය කිරීමට සමත්වුනා. ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම දීපිකා බන්ඩාර සහ චතුරිකා මදුශානී යන ප්‍රවීන ක්‍රීඩිකාවන්ගෙන් සමන්විතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

