Latestදේශීය

අදත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි – අද SYU

සමාජවාදී තරුණ සංගමය(SYU) සංවිධානය කළ පාගමන මරදාන ටෙක්නිකල් මංසන්දියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීම හේතුවෙන් ගාලුපාර බස් මාර්ගය සම්පූර්ණයෙන්ම ඇහිරී ගියා. ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතා රැලියක් පවත්වන්නට වූ අතර එම රැලිය හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වුනා.

තෙල් පෝලිම් තවත් එපා!, ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු!, රට රැකීමට දේශප්‍රේමී තරුණ තරුණයින් එක්වවු!, තොපි සෙල්ලම් කරන්නේ අපේ අනාගතය එක්කයි, රටේ සම්පත් විකුණන ආණ්ඩුව ගෙදර යනු! ආදී සටන් පාට රැගත් බැනර් ප්‍රදර්ශනය කරමින් පැමිණි මෙම පාගමනට සහ රැලියට තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් සහභාගි වී සිටියා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *