Latestදේශීය

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක්

වත්මන් ආර්ථික අර්බුධය විසදා ගැනීම සදහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණයක් ශ්‍රී ලංකා රජය වෙත ලැබෙන බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඉන්දීය සංචාරයක් නිමවා ලංකාවට පැමිණි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියාව සෑම විටම අප රටට උදව් කිරීමට කටයුතු කරන විශ්වාසවන්ත අසල්වැසියෙක් බවයි.

තවද ඉන්දියාව විශාල කොන්දේසි ප්‍රමාණයක් යටතේ මෙම ණය මුදල ලබා දුන් බවට ඉදිරිපත් වී ඇති අදහස් සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව පවසන අමාත්‍යවරයා පැවසුවේ කිසිදු කොන්දේසියකින් තොරව ඉන්දියාව අපට මෙම ණය මුදල ලබා දුන් බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *