ක්‍රීඩාදේශීයනවතම ලිපි

කමිඳු, ලහිරු, ඕෂද නුවර ඉහලට ඔසවයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන අන්තර් පලාත් තරගාවලියේ නුවර සහ දඹුල්ල කන්ඩායම් අතර තරගයේ දෙවන දිනය වූ අද දිනය අවසන් වනවිට නුවර කන්ඩායම රැස්කල ලකුණු 446ට පිලිතුරු ලෙස දඹුල්ල කන්ඩයම පිතිකරුවන් තිදෙනකු දැවී ලකුනු 77ක් ලබා සිටියා.   

අද දිනයේ විශේෂත්වය වූයේ නුවර කන්ඩායමේ කමිඳු මෙන්ඩිස් සහ ලහිරු උදාර යන දෙදෙනාම ශතක අභියසට පැමිණීමයි. අද දින තරගය ආරම්භ කරනවිට නොදැවී අර්ධ ශතකයක් ලබාසිටි  මෙන්ඩිස් ශතකයට ලකුණු හයක් තිබියදී  දැවීගිය අතර, උදාර ලකුණු 83ක් ලබා සිටියදී දැවීගියා. 

නායක මෙන්ඩිස්ගේ ලකුණු 94 ට හතරේ පහර නමයක් සහ එක හයේ පහරක් ඇතුලත් වුනා.  

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ක්‍රියාත්මක මේ තරගයේ ප්‍රථම දිනයේදී ඕෂද ප්‍රනන්දුද ශතකයට ලකුණු තුනක් තිබියදී දැවී ගියා. 

පන්දු යැවීමේදී මාලින්ද පුෂ්පකුමාර ලකුණු 120 ට කඩුලු හතක් දවාගැනීමට සමත්වුනා.  

මේ අතර හම්බන්තොට ක්‍රියාත්මක යාපනය සහ ගල්ල කන්ඩායම් අතර තරගයේ දෙවන දිනය අවසන, යාපනය කන්ඩායම රැස්කල ලකුණු 254 ට පිලිතුරු ලෙස ගාල්ල කන්ඩායම කිසිවකු නොදැවී ලකුණු 113ක් ලබා සිටියා. පබසර වඩුගේ සහ සංගීත් කුරේ නොදැවී අර්ධ ශතක ලබා සිටිනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *