Latestවිදේශීය

ඔක්සානා රොකට් ප්‍රහාරයෙන් ‌ මියයයි

රුසියාව සහ යුක්රේනය අතර ඇවිලී යන යුද්ධය දිනෙන් දින උත්සන්න වන අතර  ඊයේ (17) දිනයේ රුසියානු රොකට් ප්‍රහාරයකින් යුක්රේන් ජාතික රංගන ශිල්පිනියක් වන Oksana Shvets මියගියා.

කිව් අගනුවර නිවාස සංකීර්ණයක් සහිත ගොඩනැගිල්ලකට එල්ල කළ රොකට් ප්‍රහාරයකින් Oksana Shvets මිය ගිය බව යුක්රේනු මාධ්‍ය වාර්තා කරනවා.

1955 පෙබරවාරි මස 10 දින උපත ලද Oksana Shvets මෙම අවාසනාවන්ත මරණයට ගොදුරු වන විට වයස 67යේ පසුවූවා.

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට රංගන ශිල්පිනියක් වන Oksana Shvets යුක්රේනයේ කලාකරුවන් සදහා පිදෙන ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *