දේශීය

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වැසේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි හෙට (20) රාත්‍රියේ සිට වසා දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

පිරිපහදු කටයුතු සඳහා ප්‍රමාණවත් බොරතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එහි ප්‍රකාශකයෙකු සඳහන් ක‌ළේය.

සමාගම් කිහිපයකින් මේ වනවිට බොරතෙල් ඇණවුම් කර ඇති බවත් අදාළ ඇණවුම් ලැබෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශ වී නොමැති බවත් එම මහතා වැඩිදුරටත් සඳහක් තිබේ.

කෙසේ වෙතත් ඇණවුම් ලද විගස පිරිපහදුවේ මෙහෙයුම් යළි ආරම්භ කරන බව ද, ලංකා ඛනිජ තෙල් සංස්ථාව දන්වා ඇත.

කෙසේ වෙතත් මේ අතර, ඉන්දියාව සමග එළැඹි ණය ගිවිසුමකට අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට හෙට(20) මෙරටට ළඟාවීමට නියමිතව ති‌බෙන බව ද වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *