අපි හෙමින් ප්‍රශ්ණ විසදනවා – අගමැති
අද රට තියෙන්නේ අසීරු තත්ත්වයක බවත් රජයක් වශයෙන් රටේ ජනතාවට දියයුතු සහන රජයේ වගකීමක් ලෙස බාරගෙන කටයුතු කරන්න සූදානමින් සිටින බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
එමෙන්ම රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් හදුනාගත් පිරිසක් අද රට පාලනය කරන බවත් ක්ෂණිකයකින්, එක පැයකින්, එක දවසකින්, එක මාසයකින්, සියලු දේ කරන්නට හැකියාවක් නැති බවත් නමුත් එකින් එක කිරීමට පියවර ගනිමින් සිටින බවත් අගමැතිවරයා වැඩිදුරටත් පවසනවා.
කොලොන්න නවලිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ නව කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ඵල කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

