ඉන්ධන ගෑස් අර්බුධය නිසා අපට පීඩනය වැඩියි – ප්‍රමිත බන්ඩාර
ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය භාන්ඩ නොමැතිවීම තුළ රටෙහි මතුවී ඇති පෝලිම් හේතුවෙන් මහජනතාව බරපතල අර්බුධයට පත්ව ඇති නිසා ජනතාවගෙන් එල්ල වන චෝදනාවන් සහ අපවාදයන්ට මුහුණ දීමට ආන්ඩුවට හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
මෙම අර්බුධය නිසා තමන්ටද පාරට බහින්නට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බව පවසන තෙන්නකෝන් මහතා ගෑස් සහ ඉන්ධන අර්බුධය විසදීමට වැඩපිළිවෙලක් වහාම ආන්ඩුව විසින් ඉදිරිපත් කළ යුතු බවද අවධාරනය කරනවා. ආන්ඩුවේ පසුපෙල මන්ත්‍රී කන්ඩායම මෙම අදහසේ තදින් සිටින බව පවසන මන්ත්‍රීවරයා ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත් ඇතිවන තත්ත්වය තවත් බරපතල වනු ඇති බවද පවසනවා.
ආන්ඩුව විසින් කරනු ලබන හොඳ දේට හොඳයි කීම සහ වැරදි දේය වැරදියි කීම පසුපෙල මන්ත්‍රී කන්ඩායමේ ප්‍රතිපත්තිය බව කී ඔහු එසේ නැතිව පසු පෙල සිටින්නේ ආණ්ඩුවට ප්‍රසස්ති කීමට නො වන බව ද පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

