කිරිපිටිත් හිඟවෙයි මිළත් වැඩිවෙයි
ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහල යාමත් ඩොලරෙය් මිල වැඩිවීමත් මත මෙරට තුළ ද කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුවන බව කිරිපිටි ආනයන සමාගම් පවසනවා.
රජය මේ වනවිට කිරිපිටි මිල පාලනයෙන් ඉවත් වී සිටින අතර මිල තීරණය කිරීම ආනයන සමාගම් විසින් සිදු කරනු ලබනවා.
ඒ අනුව කිරිපිටි කිලෝවක පැකැට්ටුවක් රුපියල් 1,345 සිට රු 1,945 දක්වා රුපිියල් 600කින් ඉහල දැමීමටත් ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 540 සිට රු 800 දක්වා රුපියල් 260කින් ඉහළ දැමීමටත් සිදුවන බවයි එම සමගම් පවසන්නේ.
මේ අතර ණයවර ලිපි නිකුත් කිරීමේ දුෂ්කරතා හේතුවෙන් මෙරට ඉල්ලුමට අවශ්‍ය කිරිපිටි ආනයනය කිරීමට හැකියාවක් නොමැති බවත් ආනයන සමාගම් පෙන්වාදෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

