Latestදේශීය

බල පෙරළියකට ඉඩක් නැහැ – මහින්ද අමරවීර

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ මොහොතේ ආන්ඩුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිවරයාට නැතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එබැවින් බල පෙරළියක් සිදුවීම පහසු කටයුත්තක් නොවන බව ඔහු අවධාරනය කරනවා.

තවද හෙට ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බැවින් එවිට කළ හැක්කේ පාර්ලිමේන්තු බහුතර කැමැත්තෙන් ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීම බව අමරවීර මහතා වැඩිදුරටත් පවසනවා.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මරණයෙන් පසුව ඩී බී විජේතුංග ජනාධිපතිවරයා තේරී පත් වූ ආකාරය පෙන්වා දෙන මහින්ද අමරවීර අමාත්‍යවරයා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කළ හැකි නිවැරදිම දේ පාර්ලිමේන්තු බහුතර මතයට අනුව කටයුතු කිරීම බවද පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *