ශ්‍රී ලංකාව වෙරළ වොලිබෝල් වලින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබයි.
මීගමුව වෙරළ උද්‍යානයේදී අද(19) සන්ද්‍යාවේදී අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් ක්‍රීඩා සඳහා ආසියානු කලාප සුදුස්සන් තේරීමේ තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකාව සමත් වුනා.
එම ජයග්‍රහනයත් සමග ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකම පොදුරාජ්‍ය
මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සඳහා සුදුසුකම් ලැබුවා.
පිරිමි අවසන් තරගයේදී මලින්ත යාපා සහ අශේන් රශ්මික මලදිවයින් කණ්ඩායම 21-13 හා 21-13 ලෙස පරාජය කලා.
කාන්තා අවසන් තරගයේදී දීපිකා බණ්ඩාර සහ චතුරිකා මදුශානී තම සිංගප්පූරු ප්‍රතිවාදීන් 21-18 සහ 22-20 ලෙස පරාජය කලා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

