Latestදේශීය

ඉන්ධන අර්බුධය මාධ්‍ය විසින් හදන එකක් – එස් බී දිසානායක

ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල යනු අප වෙනුවෙන් අප විසින් සාදාගත් ආයතනයක් බව ඇමති එස් බී දිසානායක මහතා පවසනවා. එම ආයතනය ඉදිරිපත් කරන යෝජනා අතර පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීම ඉදිරියෙන්ම ඇති බවත්, පරිස්සමෙන් එම යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිසානායක අමාත්‍යවරයා මෙම අදහස් ඵල කළා.

සිංගප්පූරුවේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝ මීටර් 729ක් බවත් එය කොළඹ දිස්ත්‍රික්කයට වඩා වර්ග කිලෝ මීටර 8ක් පමණක් විශාල බවත් රටේ ඉඩම් සින්නක්කර විකුණා සිංගප්පූරුව සංවර්ධනය කළ බවත් පවසන දිසානායක මහතා එවැනි ආයෝජන ලංකාවට අවශ්‍ය බව අවධාරණය කරනවා.

ඉන්ධන අර්බුධයට හේතුව ජනතාව අසීමිත ලෙස ඉන්ධන එකතු කර ගැනීමට උත්සාහ කිරීම බවත් මාධ්‍ය විසින් ඉන්ධන හිගයක් ඇති බවට ප්‍රචාරණය නොකර සිටිනවා නම් මෙම ගැටලුව ඉන්මනින් සමනය වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *