යුලීමා තුන්පිම්ම ලෝක වාර්තාව නැවතත් අලුත් කරයි
ලෝක තුන්පිම්ම ශූරී යුලීමා රෝහාස් (Rojas) තම ඉසව්වේ ලෝක වාර්තාව නැවතත් අලුත් කිරීමට ලෝක ගෘහස්ථ මළල ක්රීඩා ශූරතාවලියේ තුන්වන දිනය වූ අද (20) සමත් වුණා.
වෙනිසියුලානු ජාතික යුලීමා මෙම දස්කම සිදු කළේ මීටර 15.74ක් පිම්මක් වාර්තා කරමින්.
සර්බියාවේ, බෙල්ග්රෙඩ් නුවරදී දක්වන ලද මෙම දක්ෂතාවයත් සමග විසි හය හැවිරිදි යුලීමා ගෘහස්ථ ශූරතවලියේ කාන්තා තුන්පිම්ම තරගය පිට පිට තුන්වන වතාවටත් ජය ගැනීමටත් සමත් වුණා.
වත්මන් ඔලිම්පික් ශූරියද වන යුලීමා ලෝක ශූරතාවලිය (එලිමහන්) දෙවරක් ම ජයගෙන ඇති අතර එලිමහන් තුන්පිම්ම ලෝක වාර්තාව වන මීටර 15.67ක් දක්ශතාවය දක්වණු ලැබුවේ පසුගිය වසරේ ජපානයේ පැවති ඕලිම්පික් ක්රීඩා උළෙලේදීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

