ලාෆ්ස් ගෑස් මිළ නැවතත් ඉහළට
ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීටම එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,199 ක් දක්වා ඉහළ දමා ඇත.
ගෑස් ඉල්ලුමට සරිලන සැපයුම ප්‍රමාණවත්ව සිදු නොවීම හේතුවෙන් මේ දක්වා ජනතාව මහත් පීඩාවට පත්ව ඇති අතර පසුගිය දා ගෑස් මිළදී ගැනීම සදහා පෝලිමේ සිටි පුද්ගලයකු පැය ගණනක් වර්ෂාවට මුහුණ දෙමින් සිටියදී මිය ගියේය.
මෙම නව මිළ වැඩිවීම තුළින් ජනතාව තවත් පීඩනයට පත් වීම වලක්වාලිය නොහැකි බවත් එමෙන්ම ඒ තුළින් සමාජ ස්ථරයන් තුළ ඇතිවිය හැකි ප්‍රතිවිරෝධයන් උත්සන්න විය හැකි බවත් සමාජවිද්‍යාඥයින් පෙන්වා දෙති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

