ක්‍රීඩාදේශීය

දක්ෂිණ විවෘත බැඩ්මින්ටන් කිරුලු විරේන්ට සහ රනිත්මා‌ට

ප්‍රේමසිරි හැලඹගේ අනුස්මරණ දක්ෂිණ විවෘත බැඩ්මින්ටන් ශුරතාවලියේ පිරිමි සහ කාන්තා ඒකල ශූරතාවයන් ජයග්‍රහණය කිරීමට පිළිවෙලින් විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ සමත් වුණා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී පැවති තරගාවලියේදී දුම්ඳු අබේවික්‍රම තරග වට දෙකට එකක් (18-21, 21-18, 21-8) ලෙස පරාජයට පත්කරමින් පිරිමි ඒකල ශූරතාවය ජය ගැනීමට විරේන් සමත්වුණා.

රනිත්මා ලියනගේ කාන්තා ඒකල ශූරතවය ජයගත්තේ වත්මන් කාන්තා ජතික ශූරිය වන දිල්මි ඩයස්ව 20-22, 21-17, 23-21 ලෙස පරාජයට පත්කරමින්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *