Latestදේශීය

තව අවුරුදු 8ක් රට පාලනය කරන්නේ අපි – මහින්දානන්ද අලුත්ගමගේ

රජය පිලිබදව කිසිදු අයෙකු සැකයක් තබාගත යුතු නොමැති බවත්,ඉදිරි වසර තුන සහ ඉන් අනතුරුව තවත් වසර පහක් මේ රට පාලනය කරනු ලබන්නේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු රජය බවත්  මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පවසනවා.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ තරුණ බල මණ්ඩල රැස්විම (20) නාවලපිටිය පදනම් කාර්යාලයේ පැවති අවස්ථාව්දී ඔහු මේ බව පැවසුවා.

කොරෝනා වසංගතය හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ බවත් නමුත් ඉදිරි වසර 3 තුළදී පොරොන්දු ඉටු කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය කටයුතු කරන බවත් පැවසූ අලුත්ගමගේ මහතා ඉදිරි වසර 8 රට පාලනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව පැවසුවා.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක යන මහත්වරු සහභාගි වුනා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *