රනිල් සර්ව පාක්ෂික සමුළුවට යනවා – අකිල විරාජ්
බදාදා(23) පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව සදහා සහභාගි වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගි වන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
සමි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු විපක්ෂය මෙන්ම ආන්ඩුවේ විවිධ හවුල්කාර පක්ෂ ද මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කළ වටපිටාවක එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුවට සහභාගි වීම විශේෂත්වයක්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
