සමාජ මාධ්‍ය වාර්තා බොරු, ජනාධිපති රටෙන් පැනලා යන්නේ නැහැ – කිංස්ලි රත්නායක
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බරපතල අර්බුධයකදී පලා යන පුස්ගලයෙකු නොවන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසනවා.
රට මුහුණ පා ඇති ගැටලුවලට විසදුම් සෙවීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බව රත්නායක මහතා වැඩිදුරටත් පවසනවා.
රට තවදුරටත් අස්ථාවර කිරීමේ අරමුණින් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය හරහා කටකතා පතුරුවන බව පවසන කිංස්ලි රත්නායක මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සලකා බලමින් සිටින්නේ යැයි පලවන සමාජ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය මෙන්ම පදනම් විරහිත බව සදහන් කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

