දේශීය

IMF වෙත යා යුතුමයි – අජිත් නිවාඩ් කබ්රාල්

රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලෙස යෝජනා අටකින් සමන්විත යෝජනාවලියක්  මහ බැංකුව විසින් රජයට භාර දී ඇතැයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

රටේ ආර්ථිකය නගා සිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බැවින් වැඩි ඈතට නොගොස් පවතින ගැටලු විසඳා ගත හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් කබ්රාල් මහතා වැඩිදුරටත් පවසනවා.

මේ අතර වත්මන් මූළ්‍ය අර්බුධයට විසදුම් ලබා ගැනීම සදහා ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල වෙත යා යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට යෝජනා කර තිබෙනවා.

කැමති වුවත් අකමැති වුවත් ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල වෙත යාම මිස වෙනත් විකල්පයක් නොමැති බව මහබැංකු අධිපතිවරයා අවධාරණය කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *